සුනේත්‍රා අලුත්දුන්නෙ - මාතලේ

2024 අප්‍රේල් කලාපය

සඳ වතුර

විඳිමි මේ සොඳුරු බව
රැය කෙතරම් අන්තරායකර වුවද
කාට නම් නවතනු හැකිද
මේ සඳ වතුර?

කාල වලාවක ඇළී
සඳ සැඟවි නිදිබරව
එහෙත් මේ සඳ වතුර
කෙසේ නම් වැගිරේ ද?

හීල් වී මහ පොළව
ගහ වැල ද නිහඬ ය
සඳ වතුරෙ දියවෙලා
නිදා වැටෙනා අරුම
එහෙත් දුර කඳු ගැටේ
දැල්වෙ තව එළියක් ද
හුදෙකලාවේ ඔහේ
සඳ වතුර ඇවිළේ ද?

සඳ වතුරේ පෙඟී ගිය
අර පේන නිවහනේ
සිහින දකිනුයේ කවුද ?

ළඳු දිගේ කඳු දිගේ
ගලා එයි සඳ වතුර
මගෙ ඇහේ
මගෙ වතේ
මගෙ හිතෙත්
සඳ වතුර.
View Poem