ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

වීදි දරුවෝ..

වීදි දරුවෝ..

ඉෂංකා මිහිරි කුමාරතුංග
2023-May

පෙරවදනක් හෝ පසු වදනක් නැති
වීදී කතා වල ප්‍රේමය සොයා
ඉනූ සළු පිළි වල මොණර කොල ඇති
හිස් වූ උප්පැන්නෙ ඉරි පුරා…

පහන් කණු ලඟ දිලෙනා එළි වල
රාග කෙඳිරිලි හඬ වසා
වැදුම් ගෙවල් හඬනවා ඇති තව
ලයට කිරක් ඉනුවද අසා….

සඳත් තරුවත් දුර වැඩි බව නොදත්
ජීවිත වල හිස් පිටු මකා
කිරි පැණි ඉල්ලනවා ඇති තාම අදත්
හසරක් නොදන්නා බිළිදු සිනා…..