උපාලි අත්තනායක මහනුවර

2023 දෙසැම්බර් කලාපය

වියත් ගී හඩ

ගලන ගඟ සේ ජීවිතේ
මිහිර දුන්නා ආදරේ
හැපී පෙනපිඩු විසිරුනා
ජීවිතේ ගීතයක් සේ
මියුරු රසයක් මුසුකලා
වියත් ගී හඩ නුබට උරුමයි
නන්දනීයයි මධුර ගී

චන්ද්‍ර මඩුල්ලේ සුරංගනාවන්
වලාකුලේ හිඳ ගීත අසනවා
තරු නොනිදා මුතුකැට ඉසලා
නිල් අහසට රන් එලිය ගෙනෙනවා
කොවුලන් අතුඅග නුබට වරම් දී
නිහඬ වෙලා පද මුමුනනවා
අහස සයුර සේ අන්තයටම
නුබේ ගීත රස පැතිරෙනවා

රන් කෙන්දෙන් බැදි ආදරයේ
මිහිරට ගී ගැයුවා
හදවිල කළබන පෙම් සිතුවිලි
දෙහදක රස මැවුවා
සමිදුන් පාමුල සමන් මලක් වී
බැතිසිත පුබුදු කලා
නුබේ ගීත හඩ නුබේ ගීත රස
දෙසවන් පිනවූවා

උක්දඩුගොඩ
පෙතියාගොඩ
ගෙලිඔය
View Poem