දීප්ත ප්‍රනාන්දු - ඉතාලිය

2025 මැයි කලාපය

වරෙන් මෝහිණී

රැය මැදියමේ මංසල්වල පුතු වඩලා
පිය උණුසුමක් දරුවට දෙන්නට සිතලා
බැලු මෝහිණියෙ තනි මවකව දුක් විඳලා
යළි ඩියුටියට කැඳවමි මේ දැන් ඉඳලා

අත නොහරිමියි තව දහසක් බොරු කියලා
අසරණ ලඳුන් රවටා ගැබිණියො කරලා
පැනයන අවලමුන් මෝහිණියේ සොයලා
ඔබපන් කටේ අහවල් අවයවෙ කඩලා

දරුවො තනා අතහැරදා තනිකරලා
ඉටුවිය යුතු යුතුකම් හැම මගහැරලා
පියවරු යන ගරු නාමෙත් කැතකරලා
ඉන්නා උන්ට ගහු මෝහිණි මගරැකලා

පොඩි දරුවන් නැති කිසි වරදක් කරලා
මඩමක දා අනාථයොයි වෙන්කරලා
දියුණුයි මොරදෙන සමාජෙ ගමු හදලා
පටන් ගනිං මෝහිණියේ මුල ඉඳලා
View Poem