ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

වඳිමු දළදා සිරස

වඳිමු දළදා සිරස

උපාලි අත්තනායක - මහනුවර
2024-June

වලාකුළු බැම්ම උඩ
හන්තාන සුලං පොද
සිසිල් දිය රැලි පහස
ගතකළ හැන්දෑව

සුවඳ දුම් මල් සුවඳ
ඇසෙයි හේවිසි හඩ ද
සිත් සතන් නිවාලන
වඳිමු දළදා සිරස

ලෝදනන් ගේ මහගු
පුදබිමයි වැඳුම් ලද
සමාධී ගුන වඩන
වඳිමු දළදා සිරස

සිරස තුළ සගවලා
පරසතුරු උවදුරෙන්
වැඩමකර රැකගත්ත
වඳිමු දළදා සිරස

රටට හැම සෙත් පතා
පිවිතුරෙන් විසිතුරෙන්
පුදකරයි පෙරහරින්
වඳිමු දළදා සිරස