වඩිනු මැන හිරු දෙවියනී!
වඩිනු මැන හිරු දෙවියනී!
වඩිනු මැන ඉරු දෙවියනී මගෙ හදේ තනිකම දුරුකරන්නට,
දුරින් හිටියා මදිද මෙකලක් අහසෙ බටහිර ලක නොපෙන්නට,
මැදින් පෝයත් අත ලඟය සඳ දෙව්දුවත් එයි කිරන දෙන්නට,
එහෙත් ඔබෙ සිරි රන් කිරනෙ තෙද, කොයි ජගතු හැකි පරදවන්නට?
කුසුම් ඩැෆොඩිල් හිස වන්නට සිටී ඔබෙ කිරු සිප ගැනීමට
රෝස මැග්නෝලි ගසත් ඉන්නේ කැකුලු බරවී, පුබුදුවන්නට,
කෝටු පිරි මහ වෘක්ෂයන් කොල ඇඳුම ලඟදිම පොරවගන්නට
ඔබව කැඳවා එන්ට එවනෙමි මගේ අසරණ පැතුම හනිකට.
සොබා දහමින් නිපදවන සුන්දරම සිතුවම් හැඩ කරන්නට
ඔබගෙ කිරනින් නහව ඒ සැම වර්ණ දිප්තිය ඇතිකරන්නට
සැඟවි සිටියොත් දිගු කලක් තව, රැජින සොබදම් උරන වන්නට
හැකිය දෙවියනි! වඩිනු විගසින් ලොවම සනසා පුබුදුවන්නට!
කුරුලු රැහැනක් තුරු ලතා මත සොවින් හඩනව දුක හිතෙන්නට
මිමැසි ගොමුවක් ගසවටා කැරකැවෙනව මල් රොන් ලබාගන්නට
සිඟිති දරුවන් බලා ඉන්නව මිදුලෙ සෙල්ලම් දඟ කරන්නට
තරුන අඟනන් ඉන්නෙ කලු කබායන් පොදි ඉවත ලන්නට.
නැඟෙනහිර සැරි සැරුව ඇති දැන් , වඩිනු මැන බටහිරට හනිකට
පිරිවාර කුමරී රැහැන සමගින්, බලා ඉන්නව පිලිගැනීමට,
ඇවිත් රන් කිරන පතුරා, කලක් හිටියොත් සැමගෙ සතුටට
පුදමි මගෙ හද, තෙලි තුඩින් නිම සිත්තමක් සමගින්ම ඔබ හට.

WordPress database error: [You have an error in your SQL syntax; check the manual that corresponds to your MariaDB server version for the right syntax to use near ') AND meta_key = '_wp_attachment_metadata'' at line 1]SELECT post_id, meta_value FROM `wp_postmeta` WHERE post_id IN () AND meta_key = '_wp_attachment_metadata'