
ලේ සුවද
බිළිඳු දෑස්වලින් ලොවට බොහෝ දෑ කියවෙන්නේ,
ලේ සුවදින් පිය සෙනෙහස හදුනාගන්නේ,
ලේ සුවදේ අගනාකම බිළිදා ලොවටම අගවන්නේ,
නීල දෙණුවන්හී බැල්ම හද සසල කරන්නේ.
රජ සැප ඒ නීල දෙනෙත් නොඉල්ලන්නේ,
පිය සෙනෙහසට දෑස්වලින් ලංවෙන්නේ,
රැකවරණය හා සෙනෙහස බිළිදිය පතන්නේ,
නීල දෙණුවන්හී බැල්ම හද සසල කරන්නේ.
කොළඹ, මාලිගාවත්ත,
හාජියානි, ආචාර්ය සෙයියද් ෆිර්දවුස්බී හනිෆ්ඩීන්