ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලැයිස්තුවේ නම නෑ

ලැයිස්තුවේ නම නෑ

රත්නපාල ගමගේ - ස්විස්ටර්ලන්තය
2024-January

උලමාගේ
අදෝනා
ඇසුණු
කළු ඔක්තොම්බරයෙ
ඇසුනේම
වෙඩි හඩ
ගෙදර
හැම දෙනාම
කිටි කිටියෙ
එකම පැදුරෙ
ගුලිවෙලා
කිව්වෙම
තුන් සූත්‍රය
ඒත් මද්දුම අයියව
අරන් ගියේ
ගෝනිබිල්ලගෙ
සංඥාවට
උඳුවප්
මහත් ආව
මද්දුම අයිය
ආවෙ නෑ
විපරම් කළත්
එහෙම නමක්
ලැයිස්තුවෙත් නෑ