ලතා ද සිල්වා නවසීලන්තය

2023 ජනවාරි කලාපය

ලන්ඩන් කවි

හසරක් නොදැක පාවෙන විටදී සවිය
අතොරක් නැතිව සුවපත් කර සිත නිවිය
සසරක් නොම බලා දුන් සතුටේ අවිය
වසරක් තව ගෙවුණි දැක ලන්ඩන් කවිය

මවුබිම හැර ඉගිල ඈතට ගිය දවසේ
සවු දිය පුර පුරා මිතුරන් හා සවසේ
කිවු කතා ඇසේ කඳුලක් කර දිගැසේ
සිවු දෙසින් පෙනේ මගේ රට සුර පුරසේ

වින්දත් සැප දුකින් සිත සුවපත් කරලා
කන්දක් සතුට අරගෙන සැම දුක් දුරලා
බින්ඳක් නොව පමා පළවෙනිදට හැරිලා
ලන්ඩන් කවි දුවයි කවි හදවත් සරලා

තව තව සෙනේ අරගෙන අපවෙත එන්න
මව මව නව සිතුම් කවි ලොව සරසන්න
දව දව දුක් සුසුම් හදවත් සනසන්න
ලන්ඩන් කවිය මේ මල්මිට පිළිගන්න


26 දෙසැම්බර් 2022
View Poem