
රෝස වන්නම
ඔබේ හිතේ ඇති
සිහින ලෝකයේ
පාවීයන්නට මාහට හැකිනම්
එන්නද ඇඳගෙන රෝස ඇදුම්
නෙලමුද සුරඟන රෝස කුසුම්
සමනලුනේ අපි අද ආවේ
රෝස මලුත් අපි ගෙන ආවේ
එක්වී නටමුද ගයමුද නිසිලෙස
රෝස වන්නමයි අපි කීවේ
රෝස ඇදුම් ඇඳ හැඩ වීලා
කතා පෙට්ටියත් හඬ හැරලා
තුරුලටවී අපි කියවමු හිනැහෙමු
ඔබේ ලොවෙයි මා දැන් දෝනී