
…..රිවි කවි රැස් …….
ඩැෆඩිල් පිපෙන පරිසරයක සිරිය බලා
හිම කැට වැටුණු අහසම නිල් පාට වෙලා
එනතුරු වසත් කාලය මඟ සිටියෙ බලා
විහඟුන් ගීත ගයමින් යයි පියා සලා
රෑ බෝ වුණත් හිරු රැඳිලා ඇත අහසේ
බෑ බෑ කියා සඳ සැඟවෙයි හොර රහසේ
නිවි නිවි දිලෙන්නට තරු පැටවුන් වෙහෙසේ
කවි රැස් සමග සුලවත් හදවත් සැනසේ
එංගලන්තයේ කේම්බ්‍රිජ් නුවර සිට