නිමල් රංජිත් කන්දමුල්ල - ඉතාලිය

2023 මැයි කලාපය

රිලව් සහ රිලව්

අත්තෙන් අත්තට පනින රිලව්
පක්ෂෙන් පක්ෂෙට පනින රිලව්
ගොවි බිම් වනසන කැලේ රිලව්
ලක්බිම උගසට තැබූ රිලව්

කැලෑ කපා විකුණන්නේ අපේ රිලව්
කෑම සොයා ගම එන්නේ කැලේ රිලව්
බඩ පුරවා සතුටට පත් මෝඩ රිලව්
විසඳන්නේ කොහොමද මේ පැනේ රිලව්

පුරවාගන්න දුප්පත් ජනයාගෙ කට
වෙහෙසයි ගන්න බඩුවක් දැන් ඇති මිලට
රැකියා පුරස්නය වැඩි වෙයි යස රඟට
රිලවුන් විකුණලා හරි ගොඩ ගනිමු රට
View Poem