ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ

2021 ජනවාරි කලාපය

යසෝදරාව ආනන්ද හිමියන්ට කියා ගිය පණිවුඩය

යොදුන් ගණන් සංසාරේ දුර ඇවිද
පැතුම් පතා මා දන්දුන්නා නොවෙද
ඇවිත් විහාරෙට සිරිපා දෙක නොවැඳ
ඉතින් නොකියා ම යාගන්නට හැකිද

කියද්දී සඳ කිඳුරු බණ කතාව
මතක් වුනේ මට කිඳුරුගෙ ලතාව
ඇසක් තෙත් වුණේ සියවැනි වතාව
ඉතින් මගෙද ඒ මහ බෝ සතාව

බදා වැළඳ ඇඬුවත් ගොප්මස පාදේ
සදාකල්ම හිමි කරගනු බැරි ඒ - දේ
උපාදාන අතහැරලමි මහ මූදේ
උදාසනක්මය මට මේ අරුණෝදේ

26-12-2020
View Poem