
යකුළු බිඳ බිඳ බිඳින බුදු බඳ
යකුළු බිඳ බිඳ
බිඳින බුදු බඳ මිනිසුනේ …..
විකල් වි ද නුඹ මනස
දෑස අඳ වි ද
කෙලෙස් අඳුරින්
නොපෙනේ ද මෙත් ගඟුල් ගලනා
සෙල් රුවක හදවතේ සැඟවුන
විවර කර ලය
සොයනු කෙලෙස ද
සිහිනයක දුටු
අනගි මරකත
මහරු දම් කඳ
නොවෙ ද මිණි කැට
දෑස අබියස
නුඹට නොපෙනෙන
2008
තෘෂ්ණාවෙන් දෑස් අඳ ව යකුළු පහරින් සිය මුතුන් මිත්තන් නිර්මාණය කළ බුදු පිළිම බිඳිමින් රන් රුවන් සොයන අමනයින්ගෙන් වැඩි පිරිස දෙදහස් පන්සියයෙ සංස්කෘතියේ දරුවන්ගේ දරුවන් වීම බලවත් ඛේදයකි