වෛද්‍ය ඇනස්ටා නිරෝෂිනී විජේසිංහ බැසිල්ඩන් එංගලන්තය

2023 අගෝස්තු කලාපය

මුල් ලියමන

දිසි සිළ ළබැඳි දිනයක කිමිදුණි නයන

රිසි සුව වැදුණු නදියක කැලතුණි නුවණ

සකි කිම මසිත තුළ ලියමනකී කෙවෙන

බැස සඳ දිගැස සවසක කවියෙන් නිවෙන

මනරම් මසිත තරු රූපෙක කලතවලා

කොතරම් මත් තතුත් තවරා රසමවලා

සිතුවම් මැවුව වත තරුවෙන් නම් කරලා

මසිතෙම මෙතුවක්ම මුල් ලියමන නවලා
View Poem