
මියෙන්නත් මට නුඹව ඇවැසිය…
වැටි වැටී දණ ගා ඇවිද්දිත්
මල් පිපුණු මාවතක යද්දිත්
කටුක මඟ පියවර තබද්දිත්
නුඹේ සුළැඟිලි පහස ඇවැසිය….
ජීවිතයේ සැප සතුට ලඟදිත්
විඳින දුක් කම්කටොළු ලඟදිත්
පැතූ පැතුමන් බොඳව යද්දිත්
නුඹේ දයාබර සවිය ඇවැසිය…..
මගේ දිවිමඟ සරු කරන තුරු
හෙලානෙක දුක් සුසුම් නිරතුරු
මගෙන් දුටු හීන හැබෑ වනතුරු
නුඹේ ආශිර්වාද ඇවැසිය ……
පරපුරක පෙළහර දකිනතුරු
සිඟිති පා පොඩි යුග සිඹිනතුරු
නුඹේ පැතුමන් ඉටුකරන තුරු
පියාණනි මට නුඹව ඇවැසිය…..
19-07-21