
මියැදුණු මම
ගත වුනා දින දෙකක් දැන්
තවමත් මම පෙට්ටිය ඇතුලේ
දෑස පියාගෙන නොසැලී සිටියත්
ඇහෙනවා පෙනෙනවා සිදුවෙන හැමදෙයක්
මල් පොකුරු මල්වඩම්
පෙට්ටිය වටේටම – ලස්සනට අතුරලා
මැරෙනකම්ම ඉන්න වුනා
මල් වලින් සැරසෙන්න – ලස්සනට සැතපෙන්න
කිසිම කෙනෙක් ඇසෙන්නට – කිවේ නැහැ අගුණයක්
මම හැර හැමෝම – පන්සිල් අරගත්තා
පාංශු කූලය දෙනවගත් ඇහෙනවා
පුංචි රෙදිකඩක් පූජා කෙරුණා
මගෙන් නොඅසාම
මාව නිවනට යවන්නට – හාමුදුරුවෝ සැරසෙනවා
දින හතෙන් – තුන් මාසෙන් – අවුරුද්දෙන්
පන්සලෙන්ම අරගත්ත – අටපිරිකර පූජ කරලා
ආයෙත් මාව නිවනට – යවනවා කියලත් මතක් වුනා
අයෙත් ඉපදිලා – ලැබෙන මගේ අලුත් නමින්
පින් අනුමෝදන් කරන්නැයි – හමුදුරුවන්ට කියන්නයි
කියන්නට හිතුනත්
මම කොහොමද කියන්නේ
මම දැන් මැරිලා.
25 අප්‍රේල් 2022