ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

මා තැනු කිරිගරුඬ මූර්තිය

මා තැනු කිරිගරුඬ මූර්තිය

ප්‍රීති පෙරේරා - තලවතුගොඩ
2024-June

මූර්තියක් තනන අයුරු පිලිබඳව උපදෙස්
නිචිටා ස්ටැනෙස්කු කිවිවර කලකට පෙර
ලිය තබා ඇති පරිද්දෙන්ම අත්හදා බලමි

සවිමත් සුදු කිරිගරුඬ ගලක් තෝර ගෙන
නෙක හැඩතල මවන- සියුමි කැටයම් දමන
මා දෑත ⁣සීරී කැපී රුදිරය වෑහෙන්නට ගනී

රළු තැන් සොයමින්- ඒවා සුමට කර ලෙයින්
කළුවර ලී අරටුවක් ගෙන ඔප දමන කල
උනන දහඩිය බින්දුද එමත රූරා වැටේ

සතුටු සාදයට කැඳවන් ආ යහළු මිතුරන්
මූර්තිය සිඹ ගත් විගස ලිස්සා බිම වැටුණි
එහි තැනින් තැන දැන් පළුදු වී ඇත

නොසිතූ විලසින් කඩතොලු නොවුණි නම්
මෙය පරිපූර්ණ මූර්තියක් වනු නියත බව
සල්පිලට පැමිණෙන සියළු දෙන පවසති

15.05.2024

A Lecture On The Cube

You take a piece of stone,
chisel it with blood,
grind it with Homer’s eye,
burnish it with beams
until the cube comes out perfect.

Next you endlessly kiss the cube
with your mouth, with others’ mouths,
and, most important, with infanta’s mouth.

Then you take a hammer
and suddenly knock a corner off.

All, indeed absolutely all will say
what a perfect cube this would have been
if not for the broken corner

By Nichita Stanescu