
මහාචාර්ය සුනිල් ආරියරත්නයන් වෙත
සුනිල අහසට නැගුනෙ සුනිල ගී පද රටා
මතකයට හිතේ ඇත රහසෙ ඇඳි රූ රටා
සිනමා ව නවකතා ගේය කවි කෙටිකතා
තව ම රස මී හැඟුම් වදන් ඇත දිව වටා
පුස්තකාලෙට වදී ඔබේ ගී රස කතා
පොත් රාක්කය පුරා රසික කැළ දිනපතා
ජාති ආගම් බේද කුල වාද නො සලකා
සාහිතට පණ දුන්නෙ ඔබේ පන්හිඳ තමා