
මව් සෙනෙහස…….
බලා පෙර මඟ නිතින්
දයාබර නෙත් දෙකින්
පැතිර වූ සෙනෙහසින්
දිවි ලදිමි ඔබ වෙතින්.
දවා ඝන’දුර ලොවක
දිරිය වී හැම විටක
සෙනෙහසින් වී මවක
පහන් සිල විය සිතක.
දිනන්නට ලෝකයක්
වඩන්නට දේශ යක්
මවන්නට සිහිනයක්
වීය මට ලෝකයක්.
පිය සමඟ එකතු වී
අප සැමට සරණ වී
අපගෙ නෙත් දල්වලා
ඔබ ඇතේ සැඟවෙලා .
ඔබේ ළඟ රැඳි ගුණ සුවඳ මිස
නොමැත අද අප හැදු වැඩූ කය
පාව යන සිත නැවති මොහොතක
මවුනි ඔබෙ රුව දකිමි සිහිනෙක.