වෛද්‍ය ඇනස්ටා නිරෝෂිනී විජේසිංහ බැසිල්ඩන් එංගලන්තය

2023 මාර්තු කලාපය

මල් සහ මල

සොඳුරුම තැනක හිමිකාරිත්වය ඇන්ඳා

බැඳි සුන්දර හැඟුම් හිත පතුලේ වින්දා

සිඳුනත් ගත වෙර නෙක හම රැලි කැන්දා

පඳුරක් පුරා මල් නෙලුවේ ඔබ හින්දා

බඳුනට වඩා වැඩියෙන් මල් අත හින්දා

විඳිනට වෙනවමයි අද අපහස නින්දා

කදිමට ගැලපුනත් කිරි පැණි සේ දෙන්නා

හොඳටම දැනේ අද මට බණිනව උන්දා
View Poem