
මග අසන් !
ජීවිතය විඳගන්න තිබුනට
හිටියෙ නෑ නුඹ මා ලඟින්…!
එදා වාගෙම සුපුල් පියුමකි සදා ඒ මතකය දුරින්…!
සලා නෙතුපිය බලා ඉවතක ගියා නොව සක්මන්…!
දුලා දිවසළු එලා පාවඩ නෙලාගත් අවමන්…!
බලා දිවනෙත කලා සුවසෙත හදවතේ සක්මන්…!
වලා පෙල යට තිබේ සොඳුරුම
ජීවිතේ අභිමන්…!
සඳේ සාවිය බැස ගිහින්
සඳ මඩල අඳුරට බිලි දෙමින්…!
බිම් කරුවලේ නොසැලී හොරෙන්
දොර පියන් වැහුවා ගම් දොරින්..!
උණුහුමින් නොරැඳුව, මා පියන්
හැරදාම සෙනෙහස දුර ගිහින්…!
සිසි අරුන්දතියේ මග අසන්
අර ඈත අහසේ තරු වලින්…!
2023.01.21