
මගේ ස්නේහේ යාතිකාවෝ
මගේ ස්නේහේ යාතිකාවෝ
නුඹට නෑසේදෝ…
එදා පෙන්වූ නුඹේ ප්‍රේමය
සැබෑවක් නොවෙදෝ…
වදන් පමණක් දෝ…
නුඹට නෑසේදෝ….
මගේ සුසුමන්
වෙලී පවනේ ගතේ දැවටේදෝ…
මගේ කදුලැලි වැසි වැටෙද්දී
නුඹව නොතෙමීදෝ…
තෙමී දිය වී දෝ…
තෙමී ගල් වී දෝ…
වදන් සිරකල මගේ ගීයේ
තනුව අමතකදෝ…
මගෙන් හැඩවූ නුඹේ සිත්තම්
මතක බොඳ වී දෝ…
රුවක් නොපෙනීදෝ…
රුවක් සැඟවීදෝ…
සංගීතය – නවරත්න ගමගේ
ගායනය – ඉමේෂා තත්සරණි මෙනවිය
ගී පද – තීෂ්‍යා දුල්මිණි