![](https://londonkavi.com/wp-content/uploads/2023/06/DSC9002-1.jpg)
බොහෝ ඇත නොලී කවි
කලා වැව් දියදෝත තෙමූ ගලමින් දසත
පෙනී බුදුරැස් කළඹ උදුල සමනොළ ගිරග
හයාගත් මුවින් ඔබ ලියූ ගී සිය දහස
කියා ගත නුහුනු තව බොහෝ කවි ඇත එතැන
ගොවිඳු ගීයෙන් සොයා හඬන නූපුර – සළඹ
කළිඳු ගංගා දෙණිය පුරා පියවර තිබිණ
නෙළා දැමු මල ඊට අකමැතිව සිඳ නටුව
බොහෝ ඇත නොලී කවි ඔබේ දෑසින් දුටුව
2023.06.17