නිමල් රංජිත් කන්දමුල්ල - ඉතාලිය

2021 මැයි කලාපය

බුදුන් දකිමු

කෙලෙස් මල දුරු කොට
මැදුම් පිළිවෙත හෙලි කල
බුදු සමිඳු ගේ ඒ
දහම සත්‍යයි මෙ ලොව හැම කල

ජීවිතේ ඇති අනිසි බාවය
දැනේ අද අපි සියළු දෙනටම
බොදුන් වීමට කලක් වේ නම්
මෙයයි ඒ මග සරණ යන්නට

කලත් තරඟෙට දනෝ නොයෙකුත්
පුදා පූජා බුදුන් වෙනුවෙන්
එතෙර වෙන හැටි දකින්නෙද මේ
අනේ මහ සංසාර සයුරෙන්

" යමෙක් මාගේ ධර්මය දකීද, හේ මා දකී "
ගෞතම බුදුන්
View Poem