වෛද්‍ය චතුර එම්. විමලරත්න - වැල්ලවාය

2021 අගෝස්තු කලාපය

බර

තැබෑරුම් ළඟ කඩල ගොටුවල
හංදි ගානේ වඩේ මලුවල
බස්හෝල්ට් වල අඹ ටේස්ට් වල
ගානකට හරි ලුණු රහට ඇති.....

දේවාල ළඟ පිච්ච මල් උඩ
හොස්පිටල් වල ක්ලිනික් පොත් උඩ
ඉරි තැලී ගිය හේන් බිම් උඩ
හීන් පිණිකැට මෙන් වැටී ඇති.....

හිස්ව ගිය මැටි කැට බිත්ති මත
වාටි පලුදුවු ගවොම් පොඩිමත
විස්සෙ පනහේ සීයෙ කොළ මත
මල් රටා ලෙස පැල්ලම් ව ඇති

ගින්දරින් ඉපදී ගිනියම් ව
කතා දහසක් වසාගෙන තෙත් ව
කලාකරුවන් දහසකට මවු වු -
"කඳුළු" පොළොවට කොහොම බර ඇත්ද?
View Poem