මහාචාර්ය මනෝරි ගමගේ හැව්ලොක් ටවුන්

2023 මැයි කලාපය

පෝයට සිල්

කලාවෙන් කලාවට පුරවලා තැටියකට

පුරාහඳ සීරුවට නැගෙනවා නුබ කුසට

කතාවෙන් කතාවට ඇමිණිලා යස රඟට

උපාසක නඩේ හැම ඇදෙනවා තව පවට

අබමිටක් සොය සොයා ගෝතමිය වැළපෙද්දි

අසිපතක් වන වනා ඇඟිලි තුඩු සිඳලද්දි

වහසිබස් දොඩ දොඩා ගල් කුළක් පෙරළද්දි

අත් හුඟක් එසවුනා සාදු නද පිටවෙද්දි

ඇඳ ශ්වේත සළු පටින් දෙතිස් කුණපය වසා

බිඳ දොරටු පළු වලින් ගලද්දී බස් මුසා

ඉඳ හිටක පෝයකට සිල් අරන් මේ ලෙසා

සිඳ දමනු බැහැ සසර හුඟක් බියකරු නිසා

 

චායාරූපය ; ආරිය බණ්ඩාර සමරකෝන්
View Poem