
පොඩි පුතා!!!
අනේ මගේ රත්තරං පොඩි පුතේ…….
කප්පරක් බලාපොෙරාත්තු මල්ඵල ගන්වමින්
උබ උපන් වෙලාවේ………
අප්පච්චි හිටියේ රජ කම ලැබුනා වගේ……
කර්කශක අව්වට කෙඩැරි වුනු ඒ කය කෙලින් කරන්
එදා උන්දැ පැල පුරා ඇවිද්දේ අඩියක් දෙකක් උඩින්…
වේලපත්කඩේ බලලා ඝණ තියාලයි
එදා අප්පච්චි උබට නම තිබ්බේ….
අනේ මගේ රත්තරං පුතේ, හීනේකින්වත් හිතුවේ නැහැ එදා…..
උබේ ඒ නම මෙහෙම පවුරක මට හොයන්නට වෙයි කියා!!!!
ජුනි 2022