භික්ෂුණි ධම්මදරා ලන්ඩනය

2023 අගෝස්තු කලාපය

පෙර පින

වැරහිලි අඳියි අම්මා ඇගෙ කුස හිස්ය
පොල් අතු පැලේ හිඳිමින් ඇය නිදිබරය
අප වෙනුවෙන්ම මුළු දිවියම කැප කෙරිය
සිනහව ඇගේ මුවගෙහි තිබු දුක්බරය

මගෙ මුළු ලෝකයම ඔබගේ ආදරය
කලඹයි නිරතුරුව හදවත ශෝබරය
අඳුර අසූනවයේ සැප්තැම්බර් මසය
දෙස්පාලුවෝ මගෙ අම්මා බිලිගතිය

තන්හා මිනිසුනේ ඔබ කොයිබද යන්නේ
අවිහිංසකයින්ව පාගා දමමින්නේ
පෙර පින් නිසා ඔබ මේ ලොව දිදුළන්නේ
සෙල්ලම් ඔබේ මෙලොවින් අවසන් වන්නේ
View Poem