වෛද්‍ය ශානිකා ඇන්තනි - ලන්ඩනය

2022 නොවැම්බර් කලාපය

පුතේ උඹ අපෙ පණ!

කිරි කැටි කාලෙ මූණ බෙරි කරන්, ‘තාත්ත ඊපිං’ කිව් හැටි

බකල කකුල් වාරු අරන් පෙරලි පෙරලි ‘ඩඩ්ලි වත්තෙ’ දුව පැන්න හැටි

ඇඟ වීරිය ගෙන චූටි අත් වලින් ‘ඩම්බෙල්’

තල්ලු කර හූමිටි තිබ්බ හැටි

එදා ඉඳන් හීන මැව්වෙ උඹ ලොකු කර ගන්න හැටි



කර දඬු උස් කර දැලි රැවුල පිරිමැදි උඹ දිහා ආදරෙන් බැලුහැටි

අකුරු කර ජයගත් තරුණ හයිය හිතෙන් විඳ හීන දැක්ක හැටි

තාත්තගෙ හිසට කරදඬු උස්වන විට උදම් ඇනූ හැටි

එදා ඉඳන් හීන මැව්වෙ උඹ ජීවිතේ හරි කර ගන්න හැටි



උඹ අද උත්තුංග ගුණ සපිරි, ගාම්බීර, ගැටවරයෙක් වූවට

සයුරෙන් එහා වැඩි දුර අකුරු කරන්නට ගියාට

උඹ තාම අපෙ හිතේ හුරතල් චන්ඩි කොලු පැටිය නිසාවට

පපුව හෝස් ගාල පත්තු වෙනව උඹ මතක් වෙන හැම තප්පරයට


23/10/22
View Poem