![](https://londonkavi.com/wp-content/uploads/2022/03/9e05cb7fc136504f6c28cf3358c0916d.jpg)
පැවරුම් අංක 01 : සිංහල කොඩිය ඇඳ පාට කරන්න…
පැවරුම් අංක 01 : සිංහල කොඩිය ඇඳ පාට කරන්න…
එකල සිට සිංහයෙක් අඩුව ගෙන සුරැන්දේ…
පුතේ ඌ ජාතියේ එඩිතරය දැනුම් දේ…
මකාපන් කොඩිය මැද ඔය ඇඳපු කවන්දේ…
ඇයි? කියා දුන් ලෙසට සිංහයෙක් නො ඇන්දේ…
යැදිය හැකි සියුලු තැන්වල ඉඳුල් දන් සිඟන්…
ජාතියේ ආත්මෙට මෙතක් අවමන් කරන්…
අතීතෙට බඳින උන් මකුළු දැල් රන් වියන්…
ලඟින්වත් ඉන්නවට කැමති නෑ සිංහයන්…