සුදත් දේවප්‍රිය - කැලණිය

2021 මැයි කලාපය

පාස්කු.

(පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් මියගිය සැමියා වෙනුවෙන් බිරිඳකට වන්දි නොලැබුණි)

මරණ සහතික පැතූ
රාළහාමි නපුරුයි කළු
මලකදක් තිබුනැයි ගරු
උන්දැ යන්නැති පරදා මරු

මුසාවක් කියනව බොරු
රෑට ඇවිදින් නිදිවැරූ
මහත්තුරු වෙති බැලු බැලූ
උන් දනී මිනිහගෙ තතු

හඩද්දී සාගිනි රළු
පල්ලියේ ඔරසන් බැරූ
ඉස්ටෝරු කාමරේ සරු
මුදලාලි කියයි ඒ ගැන වරු

ඉතින් මේ නම් මගෙ පුතු
කාගෙ කාගෙත් රූ සරු
ආණ්ඩුවටත් බැරි බරු
දරන්නම් මියෙනා තුරු
View Poem