වෛද්‍ය ඇනස්ටා නිරෝෂිනී විජේසිංහ බැසිල්ඩන් එංගලන්තය

2023 ජුලි කලාපය

පාර දීගේ

කන් දීගෙන කියන කියන දෙයට තියුණු තුඩින්

කොයි අයියත් යන්නේ නෑ ඇයගෙ අණට උඩින්

කියව්වොත් ඇය හොඳයි කියා යනවා උනත් මඩින්

අපේ උන්දැත් මෙල්ල කරයි මේ නෝනා හඬින්

ඔහු යන තැන් මට වැඩියෙන් ඇය පමණයි දන්නේ

කන බොන තැන් ඉඳුම් හිටුම් එයා සොයා දෙන්නේ

හිත දැනගෙන ඉවෙන් වගේ පාර මාරු වෙන්නේ

කවදාවත් නොගිය මගත් ඇය එක්කන් යන්නේ

තොරක් නැතිව කියෙව්වාට නිතර එකම දෙයක්

වගක් නැතිව අසා ඉන්නෙ ප්‍රේමණීය හිතක්

ඇයත් අරන් මටවත් නැති ඔහු ළඟ ඇති ඉඩක්

මටත් පුදුම ජීපීඑස් ළඳට තියෙන පෙමක්
View Poem