
ප්‍රේම ගිම්හානය
ප්‍රේමයේ – ඉඩෝර ඉමට
වැහි වලාකුලක්
රැගෙන පැමිණි පෙම්වතා ඔබ කව්ද ? ඔබ කවුද? මට කියන්
වසන්තයක් දැක නැති මම
ගිම්හානයක් ……….
රම්‍ය වූ සුරම්‍ය වූ
දෙවැනි ප්‍රේමයක් ……….
මම
ප්‍රේම වැස්ස වස්සවනා
ගිම්හානයක්
අකුණු සමඟ හාද නොවී
පුරන් වූ කෙතත්
පෙම්වත ඔබ
ඉඩෝරයට හාද වෙච්ච … වැහි වලාකුලක්