වෛද්‍ය චතුර එම්. විමලරත්න - වැල්ලවාය

2024 අප්‍රේල් කලාපය

ප්‍රේමය නම්

ප්‍රේමය නම්
(බිරිඳක් ව අකීකරු මට)


කසාදය තිත්ත නෑ - කරවිල වගේ
උවමනාවෙන් තෙම්පරාදු කරාම
නොපිච්චෙන ගානට.
ජීවිතේ රතුහාල් බත් එක්ක
රහයි ආදර කිරි හොද්ද ගෑවුණ ගෑවුණ තැන .....

මම කිව්ව එයාට
නෝනා.......
එක තැන ම පල් වෙලා
මං හෙන පරණයි - රළු යි නේ ද?

එයා;

පිස්සු
ඔයා හොඳ ම අච්චාරු
පරණයි රහයි
කන්න කන්න ආසයි
බෙදාගන්ඩ ලෝබයි


මකුළු පෙම කාව්‍ය සංග්‍රහයෙන්
View Poem