චමරි වික්‍රමසිංහ පිලියන්දල

2024 ජනවාරි කලාපය

පරණ තනු වයන........

සුපුරුදු වැතිරීම අහෝ මේ මට දැනෙන
බොරලු මුසු වැලි පොලව
වැතිර ගමි පුරුදු ලෙස
සිනාසෙයි කැනිමඩල .

එයිනුත් නොනවතින ඕලාරික රිදුම
වැතිර ඇත මා මතම
ඒ සුදු පාට කරමලය
හැමදාම එකම ලෙස හඬලා පිටව යන.

වීනාව සුසර කරණට නොදැන
කුමට අත පත ගා නිතර පසෙකින් තබන
හැමදාම එකම තනු වය වයා පිටව යන
වයන්නට ස්වර නොදැන කුමට ගත්තාද බැඳ.

ඉර බැස යන්නටත් ප්‍රථම
පටන් ගෙන වයන්නට තනු පරණ
වයා ගයා අවසන මොහොතකින් පිටව යන
ගාන්ධර්වය ඉතින් නාවට කම් නොමැත.

එකම වැයුමන් අසා එකම රැඟුමන් බලා
හිරි වැටී ඇතිය මෙ ගත.

Photo; Alice Alinari
View Poem