
පනාපුතුනි සුවපත් වී නැගිටින්න
කළුගග දිගේ පෙරලෙස ඇවිදන් යන්න
අවුරුදු මංගල්ලේ ජයටම සමරන්න
“ඔබ මහ පොතකි” එහි පිටු ඇත පෙරලන්න
අපි ඉන්නවා හනිකට ඔබ නැගිටින්න…..
දෑස පියා ගත් කල ඇදි රුව ඔන්න
ඔබ ලග ඉන්නවා පදවැල් අල්ලන්න
කම්මැලි නොවී දැන් හොද හුස්මක් ගන්න
තෙරුවන් බලෙන් වෙර අරගෙන නැගිටින්න
නුවර පෙරහැරේ රස විස්තර දෙන්න
දරු මුණුබුරන් එකතුව කිරිබත් කන්න
කලා ලොවේ හිත මිතුරන් සනසන්න
පනාපුතුනි සුවපත් වී නැගිටින්න…..
විශ්ව බලය අහසේ රොක් වී ඉන්න
පන්සල දෙව්මැදුර වෙනසක් නැහැ ඔන්න
කලා කෙතට තව මල් වැහි වස්සන්න
පනාපුතුනි සුවපත් වී නැගිටින්න…….