පුෂ්පශාන්ත සමරනායක මොරටුව

2022 දෙසැම්බර් කලාපය

නොරිකො... තනියම....

වසන්තය අග පාළු මග දිග
වැටී මල් මියයද්දි සකුරා...
"නොනිදන්න,මට තනියි"නොකියමි,
ආයෙමත් මගෙ දෙවෙන්දොරා..
තෑගි දුන් වෙස්මුහුණ යළි ඔබ
රැගෙන යන්නට ගියත් උදුරා... මතකයන් විතරක් අරන් යමි
මගේ කුමරුනි, සයෝනාරා...

යාම්, ඊමක අතර මැද
දිගු කාලයක් නවතින්න...
ඉක්මනින් එන්නට හිතාමද..?
ඔබ ගියේ හැර යන්න...
මතක මැද නොරිකො,ට පුළුවන්
මැරි මැරී උපදින්න....
මළවුන්ගේ අවුරුද්ද දවසක
ආයෙමත් ඔබ එන්න...
View Poem