මල්ලිකා මාරසිංහ

2023 දෙසැම්බර් කලාපය

නොපෑහීම

කෝ...කොහෙද...
කිසි බැඳීමක්
හදවත් එකට යා කොට
දෙදෙනා ම තනිවී
හුදෙකලා ලෝ දෙකක...

ඔහු දකිනු ඇති
තනිවම සිහින ...
මම ද සිහිනෙක ගිලී
තනිවම ...

දෙදෙනා දෙතැනක
තනි තනිව දකිනා සිහින
නොපෑහෙන දීගෙක
තිත්ත මිදි යුෂ එකම බඳුනක
පුරෝගෙන අපි පුරමු සව්දිය...

2023.11.03
View Poem