සෙව්මි ලෝචනා ලියනගේ - රෝමය

2023 මැයි කලාපය

නොනිමි කතාව

එදා ඔබ මා එකට ගැවසුණ කන්ද පාමුල
කෙලවරේ...
තාම තනියෙන් බලනවා මම ගිලෙන හැටි ඉර කලුවරේ...
නුබේ විලවුන් සුවද තාමත් දැනෙනවා මේ
පරිසරේ...
පාලු නොම නිමි කතාවක මුල් පිටුව විතර ද
ආදරේ?...

පපුවෙ ගොනු වල කල් පැනපු ඒ මතක තාමත් තියෙනවා...
ඈතටම ගිය අතීතෙක මම සතුට සැනසුම හොයනවා...
පරණ වල ගිය වචන හීනෙන් වගේ හෙමිහිට ඇහෙනවා...
එහෙම රැයකට වරක් දෙවරක් මැරුණු හදවත ගැහෙනවා...
View Poem