නොගැයූ ගුරු ගීතය

තීෂ්‍යා දුල්මිණි - හෝමාගම
තීෂ්‍යා දුල්මිණි - හෝමාගම
2021-October

දයාබර අල්තිනායි,

මදිද තවමත් කඳුළු සැලුවා – ඇස් කෙවෙනි ලේ පැහැය වෙනකම්…
මදිද තවමත් සුසුම් හෙළුවා – මහා පර්වත සැලී යනකම් …
මදිද තවමත් රිදව ගත්තා – ගැහුණු හදවත පැලී යනකම්…
මදිද තවමත් බලා සිටියා – අතැර ගිය ඔහු යළිත් එනකම්…

දයාබර දුයිෂෙන්,

පමා නෑ තව ඇය බලන්නට
පුරුදු පොප්ලර් ගහේ පාමුල…
ඊයෙ තැනවූ සොහොන් කොත යට
තාම ඉන්නවා ඇය බලා ගෙන …

ලොවක් සිටියත් ඇයට ළබැඳිව
ඇගේ බැති පෙම නුඹට බර වුණ…
නුඹට පේ වූ ගුරු පඬුර ලෙද
නුඹේ සතුටයි පැතුවෙ සැම දින…

මිය ගියේ ඇය බොහෝ කල් සිට
එදින විය නුඹ ඇගෙන් වෙන්වුණ…
ලොවක් නිදනා රෑක රහසෙම
පොප්ලර් ගහකුත් කීවා අහසට…

(මෙය මාගේ කුළුඳුල් නවකථාව වන වසන්තයේ දවසක් කෘතියෙන් උපුටා ගන්නා ලද්දකි)