නදී රුබසිංහ - දකුණු පළාත

2024 ජනවාරි කලාපය

නිහඩ සාක්ෂිය

මධුමේහයට
පැණි රහ අගුණයි කිය කියා
සීනි බෝතලේ අඩිය හූරද්දි තාත්තා
හාංකවිසියක් තිබුනේම නෑ
එලබෙන දවස් ගැන,

අම්මත් ගියාට පස්සෙ එලොව
පෙට්‍රල් මෑන් වෙලා
වහන්කරගෙන ජීවිතේ හිස් තැන්
ඇස් දෙක වගේමයි බලා ගත්තෙ
කෙලි පැටික්කිව...

"ලිපිකාරිනියක් කරලා
රජයේ ඔෆිසියක"

සින්න වෙන මහ ගෙදර
අඹ ගහේ මුදුන් අත්තක
හවස හය පහු වෙනව එක්කම
උලලේන කෑ ගෑව එදා මූසල දවසක් !

Photo: Ben White
View Poem