
නදී නම් වු ඇය
රිදී සේළයක් සේ
උස් මුදුනක සිට
කෙළි දළෙන් වැටෙමින් හිනැහෙමින
ලැසි ගමනින් සැදි පෙළින් පෙළ
මදහස ද සෙනෙහස ද
දුක ද කඳුල ද
නොඅඩුව බෙදා දී
නටවමින් ලෙළවමින් පුළු ̈කුල
හැඩ වැඩ පාමින් අවුත් ………..
සයුරට එඹෙන විට
ගැඹුරුයි නිහඬයි
පරිණතයි ඔබ