
දියමන්තිය….
රලු ගලක් යට
සැඟවී සෙමින්
නුඹ නිදයි
දියමන්තිය ලෙසින්….
ලොව දුටුවොතින්
ඔය රුව ඉතින්
ලොබ බඳිනු ඇත
නිම් නැති පෙමින්…..
වෙර දරා දිස්නය
සඟවමින්
නුඹ වසන් වුන
හැටි ඇස් වලින්….
ඔප නොදැමුනත්
හැඩිදැඩි අතින්
නුඹෙ අගය නම් නෑ
හැර ගිහින්…..
එනතුරා දෑතක්
නුඹ නමින්.
තව වසන් වෙනු මැණ
මේ ලොවින්……
රලු ගලක් යට වුව
සැඟවෙමින්
නුඹ නිදන් දියමන්තිය
ලෙසින්…
14/01/21.