
දින දින කෙටි
එක උඩින් එක පිටු දමා
මාස පෙරළ පෙරළා හෝ
ඉරා දමා වීසි කොට
අමතක කරලන්නට හැකිවේද
කැලැන්ඩරයේ සමහර දවස්
————————————————-
කවදාහරි
ඔයා තරහවෙලා
මාව අත ඇරලා යන දවසෙ
අපි දෙන්නා
දිනපොත්
මාරු කර ගනිමු ද
————————————————–
මා අතැර
ඔබ ගිය දින
තබා මුහුණතට
ඔබ මට දුන් කැලැන්ඩරය
සියදිවි නසාගෙනය
බිත්තියෙහි එල්ලී
—————————————————
ගිය අවුරුද්දෙ දින පොතින්
කඩා ඉරලා වීසි කළ දවස්
මෙන්න ආපහු ඇවිත්
අලුත් දින පොතේ
අලුතින් ලියන්නද
හිස්ව තියන්නද