
දැදුරු ඔය ගලයි
අහළ පහළ රන්ඩු සරුවල් අසාගෙන
ගුටි බැට කෙලිය කංකෙඳිරිය ඉවසලම
ජජජර නදිය සැඩවිය උණු දහවලක
කලතා කෙඳිරි ගංදිය සයුරට ගිය
සද්ද බද්ද නඩු හබ දැන් නැතිය වටේ
මිනිස් පුළුටු වලි නෑ දැන් කොටහ වෙතේ
දැදුරු නදිය ගලනව දැන් සුහද සිතේ
හෙටනිද්දාම අරහත් බව ලැබෙයි සිතේ
(‘අහස් ඉම සිපගතිමි’ කාව්‍ය සංග්‍රහයෙන් )