නිලන්ති පෙරේරා - කඩවත

2022 මැයි කලාපය

දසත ගිනි ..

නෙත් අගින් වෑස්සෙන
කදුලු ..දිය වැල් වෙලා..
පපුතුරේ හිරකරන
සුසුමකට දැවටිලා..
කුස තුලින් මොර ගසන
ගින්දරක් දල්වලා..
පුංචි පුතුගේ මුව'ඟ..
රැඳි.. සිනහ.. වියැකිලා..
ලිප ගින්න..නොදැල්වුනු..
අඳුරු..මුලුතැන්ගෙයත්..
බතක..හොද්දක..සුවඳ..
නොලැබ හඬනා..සෙයක්..
අතමිටට..කාසි දුන්..
නොසැලෙනා දහඩියත්...
සෝ..දුකින්..නිසොල් වී..
වැසුනු කම්හල්..ගෙයත්..
අහස උසටම දුවන..
බඩු මිලේ....අසිරිමත
හඳුන්නනෙ..නෑ කිසිත්..
මොරගසන..කුසගින්න.
නිරතුරුව..බැටකන්න..
පව්කාර උනෙ..අපද
බහුතරය..දුක් විඳින..
" මුතුඇටය.." කොයිබටද..
සුරපුරක්..වන්.. රටක්.
අපායට..ඇද.දමා...
පව්කාරයිනි..තොපට.
කෙදිනවත්..නැත..සමා..
අලුගසා..යලිදු..හෙට.
.නැගිටින්න..වෙර දරා.
ගොඩනගන..රටක් ලෙස..
සැනසෙමුද...දිරි ලබා..
View Poem