වෛද්‍ය චතුර එම්. විමලරත්න - වැල්ලවාය

2021 ජුනි කලාපය

දවසක් එයි ද ආයෙත්...

ගලවා ම මුව වැසුම්
මහ සෙනඟ මැද්දේ
ඇන්ටිලා ඔරවද්දී
උඹේ මුව ඉබිනු හැකි

නොගල්වා ඇල්කොහොල්
අත ගගා බිලිඳු හිස
ඕඩිකොලොං පුහුඹ
හුස්මකට විඳිනු හැකි

අවසාන රුපියලත්
තබා යාචක අතෙක
බොලෑවුණු දත් හිනා
ඇස් පුරා බලනු හැකි

අසාධාරණ අවින
සමාජෙට නොවනතව
හඬ නඟන පා ගමන
නොනැවතී දිනනු හැකි

වැටෙන්න ට පෙර බටේ
ස්වරාලෙන් පහළටම
තොපි එක්ක උගුරකට
මධුවිතක් ගසනු හැකි...
View Poem