තායි අඬන්නෙපා – නාඬන් මෑණියනි

ඩී .අමරසිරි ගුනවර්දන - නවසීලන්තය
ඩී .අමරසිරි ගුනවර්දන - නවසීලන්තය
2021-October

මූන සිහිවුනේ අප්පගෙ – තනපයි !
අල්ලද්දි අරක්කු ගඳ පිස්තෝලෙ කණට
ගලාගෙන ගියා ලේ කෝවිල ගාව
අන්න මැරුම් කෑව ඉස්කෝලෙ කාලෙ
පිස්ටල් උණ්ඩෙලු කන් පලන් ගියෙ

මූන බලල අන්දලා යන්න එන්න අම්ම
තන්දයි! මගෙ රත්තරන් අම්ම
බල්බ් දෙකක් වෙලා පිච්චුනා ඇගෙ දෑස්
මානව අයිතියළු රකින්න ඕනෙ
එහෙන් මෙහෙන් ඇහෙන කතා
අම්මත් කියල ගියා තමයි ගිය සැරේ
නළල ලඟින් යද්දි අරක්කු ගඳ පිස්ටල් කට
තල තෙල් සුවඳ තෝසෙයි – මසල වඩෙයි
අරගෙන එන අම්මමයි
මැවි මැවී පෙනුනෙ – තායි

හිතුනේම නෑ නැගිටින්න
හිතුන ඉස්සර වගේ ඇඟට පැනලම මැරෙන්න
එතකොටම ආව තනියෙන් ඉන්න අම්ම
පැනල මැරුනොත්
හිරේට හරි ඇවිත් පුතේ කියන්න
එකෙක් නැතිව මැලවේවි ඒ මූන
මට අඬන්න බෑ අම්මේ – මට ඇඩෙන්නෙ නෑ

තන්දයි! තල් ගහේ ලස්සන
බලමු – හඳ එලිය වැටුනම

[තනපයි – පියා, තන්දයි – මෑණි, අන්න – අය්ය, තායි – අම්ම]