ආචාර්ය මංජුලා දිල්කුෂි සිල්වා - High Wycombe - UK

2024 පෙබරවාරි කලාපය

තරුවයි සඳයි පායලා

වල්ගා තරුවත් සමග උදුවප් සඳත් අහසේ පායලා
මකන්නට බැහැ කෙසේ මුත් ගෙන එන අඳුර අඳුරුම වළා
ලොවේ සාමය නැතැයි සිතමින් සාම කුමරුන් ඇත බලා
සිතනවා ඇති නුඹලා ඇයි මගෙ ලොවම අඳුරෙම ගිල්වලා

මාස දොලහම වැඩ කරලා අත මිටට සොච්චම ගුලිවෙලා
ඊට ඉහලින් බඩු මිලත් ඇත දිනෙන් දින යයි වැඩි වෙලා
යුතුකමුත් ඇත ඉටු කරන්නට බැහැ අපිට ඉන්නට බලා
දින දෙකයි තව ඉතිරි ඇත්තේ යන්න වසරක් දියවෙලා

හැරී බලපන් කරපු දේවල් තනිව හෝ හැම එක්වෙලා
අගය කරපන් ලෝබ නැතුවම මිනිස්සුන් ඇත වෙහෙසිලා
හොය හොයා ගොස් පුංචි වැරදිත් ගොඩක් හොඳ තුල හිරවෙලා
පහත් නොකර උන් අගය කරපන් ඉපදුනත් වෙනසක් වෙලා

ඉන්න විටදී නොමැති ඇගයුම් කුමට ගිය දින මියැදිලා
උන්ට සතුටක් ලැබෙන්නේ නැහැ ඉන්න උන්ම තුටු වෙයි බලා
හැරී බලපන් ඇතිද නුඹ කී දෙනෙකුගෙ නෙත් හඩවලා
කිමද බැරි වසරක් නිමා කරලන්න සිනහව රන්දලා


29/12/23
View Poem